අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (20) කොළඹ සහ අවට ප්‍රදේශ රැසක උදෑසන 8.00 සිට පැය 16ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහනගර සභා සීමා බල ප්‍රදේශවලත් මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලත් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතව තිබෙනවා.
මීට අමතරව කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.