කොළඹ මහ නගර සභාවේ කොරෝනා ආසාදිත සේවකයන් 200ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ මහ නගර සභාවේ ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙන් 170දෙනෙක්,
නාගරික ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් 20 දෙනෙක්,
ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවෙන් 6දෙනෙක්,
ලේකම් දෙපාර්තමේන්තුවෙන් 2දෙදෙනෙක්,
තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයෙක් බැගින් සිටින බවයි වාර්තා වන්නේ.