Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ X-PRESS PEARL නැමති රසායනික ද්‍රව්‍ය බහාලුම් ප්‍රවාහන නෞකාවේ පෙර දින (20) දහවල් ගින්නක් ඇතිවී ඇති අතර මේ වන විට නාවික හමුදාව සහ වරාය අධිකාරිය විසින් නෞකාවේ ඇතිවූ ගින්න මැඩ පවත්වමින් සිටින බව සදහන් වනවා.

මේ වන විට පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන්.එය ඉතා අසීරු තත්ත්වයක් බවටයි වාර්තා වන්නේ.

සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි වී ඇති මෙම නෞකාව 2021 මැයි මස 15 වන දින ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් (Nitric acid) ටොන් 25ක් සමඟ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් රැගෙන යාත්‍රා කර ඇති අතර, නෞකාව 2021 මැයි මස 19 වන දින කොළඹ වරාය ආසන්නයට පැමිණ වරාය වෙත ඇතුළු වීම සඳහා නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී මෙම ගින්න හටගෙන ඇතිබව සදහන් වනවා.

නෞකාවේ කාර්ය මණ්ඩලය පිලිපීන, චීන, ඉන්දීයනු සහ රුසියානු ජාතිකයින් 25ක ගෙන් සමන්විත වනවා.

කෙසේ වුවත් ගුවන් හමුදාව විසින් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදා ගනිමින් නෞකාවේ ගින්න මතට වියළි රසායන ද්‍රව්‍ය කිලෝ ග්‍රැම් 425 ක් සාර්ථකව හෙලිම සිදුකළ බව ගුවන් හමුදාව පවසනවා.

   

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *