2022.04.12 දින සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් මහාචාර්ය එච්.ඩී කරුණාරත්න මහතා ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙන බව ජනාධිපති ප්‍රකාශකවරයා පවසනවා.
මේ අනුව වර්තමාන උපකුලපති තුමිය වන චන්ද්‍රිකා විජේරත්න මහත්මිය ගේ ධුර කාලය අවසන් වනවිට මහාචාර්ය එච්. ඩි කරුණාරත්න මහතා එම ධුරයේ කටයුතු ආරම්භ කරනු ඇත.
මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා twitter පණිවිඩයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.
මහාචාර්ය එච්.ඩී කරුණාරත්න මහතා 2022.04.12 දින සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ විශ්ව විද්‍යාලයේ @ColomboUni උපකුලපති වශයෙන් ජනාධිපතිතුමා විසින් පත් කරනු ලැබ ඇත.#lka
— Kingsly Rathnayaka (@KingslyRathnyka) January 12, 2022