Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හෙට උදෑසන 5.00 සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොම්පඤ්ඤ වීදිය පොලිස් බල ප්‍රදේශය, හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම, කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයේ හැටේ වත්ත සහ වැල්ලවත්ත පොලිස් බල ප්‍රදේශයේ කෝකිලා පාර ප්‍රදේශය එලෙස අලුතින් හුදකලා කෙරෙනවා.

එමෙන්ම කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ වෙලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසම හෙට උදෑසන පහේ සිට අලුතින් හුදකලා කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *