Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (මැයි 11) උදෑසන 9.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකදී Sinopharm කොරෝනා එන්නත මහ ජනතාවට ලබා දීම ආරම්භ කළ බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදිනී වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය පවසයි.

ඇය පැවසුවේ, මේ මොහොත වන විටත් එන්නත් ලබා දීමේ කටයුතු සිදු කරන බවත් එන්නත් ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට අදාළ ස්ථාන වෙත පැමිණෙන ලෙසත් ය.

ඒ අනුව, පහත සඳහන් ස්ථානවලදී එන්නත ලබා ගත හැකිය.

කොළඹ දිස්ත්‍රික්කය – නගරසභා සීමාව

  1. පී. ඩී. සිරිසේන ක්‍රිඩාංගනය- මාලිගාවත්ත
  2. කෙත්තාරාම විහාරස්ථානය- මාලිගාවත්ත
  3. රොක්සි වත්ත ප්‍රජාමධ්‍යස්ථානය- වැල්ලවත්ත
  4. සිතුමින ප්‍රජාමධ්‍යස්ථානය, මුගලන් පාර, වැල්ලවත්ත
  5. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය- වැල්ලවත්ත්
  6. විස්ට්වයිකී ක්‍රීඩාංගනය- මට්ටක්කුලිය
  7. ජින්තුපිටිය මාතෘ නිවාසය- කොටහේන
  8. නව බසාර් මාතෘ නිවාසය- ග්‍රෑන්ඩ්පාස්.

කොළඹ දිස්ත්‍රික්කය – නාගරික සීමාවෙන් පිට

9. රත්මලාන කොතලාවල පුර සායනය.

10. හෝමාගම ඕවිටිගල සායනය

11. මොරටුව, එගොඩ උයන දිස්ත්‍රික් රෝහල

12. දෙහිවල ජයසිංහ ශාලාව

13. පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

14. බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

15. කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

16. පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

මෙහිදී එන්නත් ලබා දීම සිදු කරන්නේ වයස අවුරුදු 30-59 වයස් කාණ්ඩවල පුද්ගලයන්ට බව ද වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදී ද එන්නත්කරණ කටයුතු ආරම්භ කර ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දුන්නේ ය.

ඒ අනුව, පහත ප්‍රදේශවලදී ද එන්නත්කරණ කටයුතු සිදු කෙරේ.

ගම්පහ දිස්ත්‍රික්කය

  1. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
  2. ජාඇල ප්‍රාදේශීය සභාව
  3. වත්තල ප්‍රාදේශීය සභාව
  4. මීරිගම දිස්ත්‍රික් රෝහල
  5. වතුපිටිවල මූලික රෝහල
  6. මිනුවන්ගොඩ මූලික රෝහල
  7. මිනුවන්ගොඩ රජමහා විහාරය
  8. කෙසෙල්වතුගොඩ විහාරය
  9. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – දොම්පේ
  10. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – මහර
  11. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – අත්තනගල්ල
  12. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – කැළනිය
  13. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – දිවුලපිටිය
  14. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – බියගම
  15. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – සීදුව
  16. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – කටුනායක
  17. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – කටාන
  18. ජයසිරිගම සායනික මධ්‍යස්ථානය – රාගම

කළුතර දිස්ත්‍රික්කය

  1. අගලවත්ත, යටියන නැගෙනහිර ප්‍රජාමධ්‍යස්ථානය
  2. මීගහතැන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  3. මතුගම නගරය
  4. වලල්ලාවිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
  5. බදුරලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  6. හොරණ බොඩිලයින් ඇගලුම් ආයතනය
  7. ඉංගිරිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
  8. දොඩම්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  9. පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  10. බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ වෙලාවක් වෙන්කර ගැනීමට ද පහසුකම් සලසා ඇත. එම යොමු මෙතනින්

Sharing is caring!

1 Comment

  • Devika, 2021-05-12 @ 11:02 PM Reply

    My brother works in Colombo but he is from Negombo he goes home only at the week end can he get the Vaccine in colombo
    He is 72 yeas old.
    Is he eligible for the vaccine..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *