Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ පුරා සියයට සියයක්ම පැතිරෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

තවද ශ්‍රී ලංකාවේ ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් බිහි වන්නේ දැයි සැකයක් මතුවන හෙයින් ඒ පිලිබද අධ්‍යයනය කරගෙන යන බවද එම මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙරට සිදුවන සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලිය නිසා සැප්තැම්බර් මස අවසානය වන විට යම්කිසි සහනදායී තත්වයක් බලාපොරොත්තු විය හැකි බවද චන්දිම ජීවන්දර මහතා පැවසුවේය.

පිට පළාත්වලද ඩෙල්ටා පැතිරීමට පටන් ගෙන ඇතැයි ද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය පවසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *