Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළොන්නාව තැපැල් කාර්යාලයේ සේවකයින් දෙදෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව කොළොන්නාව තැපැල් කාර්යාලය සහ ඒ අවට උප තැපැල් කාර්යාල 6 ක් වසා දමා ඇති බව වාර්තා වනවා.

මේ අතර නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, කුරුණැගල දිස්ත්‍රික්කයේ වසා දමා ඇති උපතැපැල් කාර්යාල අද දිනයේ සිට විවෘත කිරීමට තිරණය කර ඇති බවයි.

මේ පිළිබඳ අදහස් දැක්වු නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා,

“කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන තැපැල් කාර්යාලය සහ ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාල සෙසු කාර්ය මණ්ඩල නිලධාරින් 190ක් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකරනු ලැබුවා. ඒ වාර්තා අනුව ආසාදිත කිසිවෙක් නෑ. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව මේ වෙද්දි තීරණය කර තිබෙනවා, අද දිනයේ සිට කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලය සහ එයින් පාලනය වන උපතැපැල් කාර්යාල හැර කුරුණෑගල දිස්ත්‍රික්කයේ අනෙකුත් තැපැල් හා උපතැපැල් කාර්යාලවල රාජකාරි කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන තැපැල් කාර්යාලයේ රාජකාරී කටයුතු අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේ සඳුදා සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ආරම්භ කරන්න. ඒ වගේම කොළොන්නාව තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් මේ වන විට කොවිඩ් වසංගතයට ගොඳුරුවීම නිසා කොළොන්නාව තැපැල් කාර්යාලය සහ එයින් පාලනය වන උපතැපැල් කාර්යාල 6ක කටයුතු තාවකාලිකව අත්හිටුවීමට අපි තීරණය කළා.“

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *