Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මුල්‍ය වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තවත් කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයක දී සැකකාර කාන්තාව ඇල්පිටිය ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

34 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව රුපියල් කෝටි 05කට අධික මුදලක් වංචා කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කෝටිපති කාන්තාවක් ලෙසට ව්‍යාජ ලෙස පෙනී සිටිමින් මෙම මුදල් වංචාවන් මැය විසින් සිදුකර ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකාරිය කඩවත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 08වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙසයි නියෝග කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *