Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දීය ණය ආධාර යටතේ රුපියල් කෝටි 1156ක් වැය කර (ඇමරිකන් ඩොලර් කෝටි 8.26ක්) මිලදී ගත් දුම්රිය මැදිරි 160 නිසි පරිදි මගී ප්‍රවාහනයට යොදවා නැතැයි විගණන වාර්තාවකින් කියැ වේ.

එනිසා ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණ ඉටු වි නැතැයිද එහි සඳහන් වේ.

මෙම වාර්තාවට අනුව එක් මැදිරියක් මෙරටට ගෙන්විම වෙනුවෙන් ඇමෙරින් ඩොලර් මිලියන 0.558ක් වැයකර ඇති අතර ඒවා ගෙන්වා තිබෙන්නේ 2021 වසරේදීය.

මෙම මැදිරි අතරින් දහයක් මුලින් භාරගෙන සෙසු සියල්ල කිසිදු පරීක්ෂා කිරිමකින් තොරව පිරිවිතරයන්ගෙන් බැහැරව ලබාගෙන ඇති බවද ඒවායේ දිග පළ උස මෙන්ම ආසන ප්‍රමාණයන්ද පිරිවිතරයන්ගේ දැක්වෙන ප්‍රමිතීන්ට අනුකූල නැති බවද එම වාර්තාවේ සඳහන් වේ.

මෙම විගණන වාර්තාවට අනුව එම මැදිරි නියමිත ප්‍රමාණයට වඩා දිගින් හා පළලින් වැඩිවීම අනතුරුවලට හේතු වේ.

විශේෂයෙන්ම දැඩි වංගු සහිත මාර්ගවල එනම් උඩරට දුම්රිය මාර්ගය වැනි මාර්ගවල මෙම මැදිරි සහිත දුම්රිය ධාවනය කිරිම දුම්රිය පිලිපැනීම්වලට හා අනතුරුවලට හේතුවේ.

එසේම පිරිවිතරයේ සඳහන් ප්‍රමාණයට වඩා ගෙන්වන ලද මැදිරිවල ආසන අඩුවි තිබු බවද එම වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව තුන්වන පංතියේ මැදිරිවල ආසන 82ක්ද, දෙවන පංතියේ මැදිරිවල ආසන 82ක්ද වායු සමනය කරන ලද මැදිරිවල ආසන 70ක්ද වශයෙන් ආසන 234ක් අඩුකර තිබේ.

එය එසේ වුවද එයින් දෙපාර්තමේන්තුවට පාඩුවක් සිදුව නැතැයි නිලධාරින් විගණනයට දන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *