Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රුපියල් කෝටි 6කට ආසන්න කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.29ක්‌ සූක්ෂම ලෙස සඟවාගෙන මෙරටට පැමිණීමට උත්සාහ දැරූ දකුණු අප්‍රිකානු ජාතිකයෙකු ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු, කටාර් ගුවන් සේවයට අයත් QR664 දරන ගුවන් යානයෙන් කෙන්යාවේ නයිරෝබි නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා නගරය හරහා මෙරටට පැමිණ ඇත. 

සැකකරු රැගෙන ආ ගමන් මලු පරීක්ෂා කිරීමේ දී එහි තිබු ”ෂැම්පු බෝතල්” දෙකක් තුළ එම මත්ද්‍රව්‍ය සඟවා තිබිය දී සොයාගෙන තිබෙන බවටයි වාර්තා වන්නේ.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා පොලීසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *