Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (18) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගන්නා ඛනිජ තෙල් නිශ්පාදන විශේෂ විධි විධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඛණිජ තෙල් සේවකයෝ ලෙඩ නිවාඩු ගැනීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ සිටිති.

ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල ප්‍රකාශ කළේ මේ වනවිට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති බවය.

ඛණිජතෙල් නීතිගත සංස්ථාව විනාශ කරන දුර්දාන්ත පනතක් ලෙස හඳුනාගෙන ඇති මෙම පණතට විරෝධය පල කිරීම සඳහා දේශාපලනයකින් තොරව සියලුම වෘත්තීය සමිති එක් වී ඇති බවත් සභාපතිවරයා කීවේය.

මෙම පනත නැවත හකුළුවාලත්නේ නැතිනම් සියලුම වෘත්තිය සමිති එක් වී දැඩි විරෝධතා වැඩපිළිවෙළක් ආරම්භ කරන බවද ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල පැවසීය.

මේ පිලිබඳව අප කළ විමසීමක දී ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පැවසුවේ අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති වැඩපිළිවෙළ නිසා අද ඉන්ධන පුරවා ගැනීම සඳහා ගිය ටැංකි රථ සියල්ල ඉන්ධන රහිතව නැවත හැරී පැමිණි බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *