Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඝාතනයට ලක්වූ ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆි ගේ පුතු යසිෆ් අල් ඉස්ලාම් ගඩාෆි ලිබියාවේ එළැඹෙන ජනාධිපතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව එළැඹෙන දෙසැම්බර් 24 වැනිදා ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතය.

යසිෆ් ගඩාෆි විසින් සාම්ප්‍රදායික ලිබියානු ඇදුමකින් සැරසී මැතිරවණයට ලියාපදිංචි වීමට පැමිණ සිටි අතර එහිදී තමන්ව සහ තම පාක්ෂිකයින්ව සත්‍ය මත පදනම්ව විනිශ්චය කරන ලෙස ඔහු මාධ්‍ය වෙත පවසා ඇත.

ගඩාෆිගේ පුතු මැතිරණයට ඉදිරිපත් වීමත් සමඟ ඇතැම් මැතිවරණ නීරීක්ෂකයින් මැතිවරණයේ ස්වාධීන භාවය පිළිබඳ සැකයක් ඇතිවිය හැකි බවට අනතුර ඇඟවීමක්ද සිදුකර තිබේ.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් විසින් මැතිවරණය කඩාකප්පල් කරනු ලබන පිරිසට දැඩි සම්බාධක වලට මුහුණ දීමට සිදුවෙනු ඇති බවට ද අනතුරු අඟවා ඇත.

ගඩාෆිගේ දේශපාලන ආගමනයත් සමඟම ලිබියාව තුල දේශපාලනික කඳවුරු දෙකක් නිර්මාණය වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට ලිබියාව තුල නිර්මාණය වී ඇති දේශපාලනික අස්ථාවරය ඇතැම් විට ගඩාෆිට වාසිදායක විය හැකි බවට ද දේශපාලන විශ්ලේෂකයින් පෙන්වාදෙයි.

සිය පියාගේ මරණයත් සමඟ වසර හයක කාලයක් සිරගත කර සිට අතර මරණ දණ්ඩනය ද නියම විය කෙසේ වෙතත් පසුව එම තීරණය අවලංගු විය.

කෙසේ වෙතත් ගඩාෆිට යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය විසින් වරෙන්තු ද නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.