Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ, වේල්ල වීදිය ප්‍රදේශයේ ගමන් මල්ලක දමන ලද කාන්තා මළ සිරුරක් හමුවී ඇති බව වේල්ල වීදිය පොලිසිය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අද සවස 2.30ට පමණ දීර්ඝ වේලාවක් වේල්ල වීදිය මාර්ගයේ කළු පැහැති ගමන් මල්ලක් ඇති බවට වේල්ල වීදිය පොලිසියට තොරතුරක් ලැබී ඇති බවය.

ඒ අනුව, එම ගමන් මල්ල ඇතුළත පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ යම් කිසි පුද්ගලයකුගේ මළ සිරුරක් එහි ඇති බවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වේල්ල වීදිය පොලිසිය සිදු කරනු ලබන බව ය.

IMG 20210301 WA0019
IMG 20210301 WA0020
IMG 20210301 WA0021
ජායාරූප අනුග්‍රහය ‘මව්බිම්’

Sharing is caring!

Leave a Reply

Your email address will not be published.