Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පවතින කොවිඩ් වසංගතය හමුවේ ගම්පහ නගරයේ සියලුම වෙළෙඳසැල් අද (15) සිට ස්වේච්ඡාවෙන්ම වසා දැමීමට ගම්පහ වෙළෙඳ සංගමය තීරණය කර ඇත.

ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා ඒ බව සඳහන් කළේය.

එසේම ඔහු සඳහන් කළේ එළඹෙන 16 වන දින යක්කල නගරයේ වෙළෙඳසැල් ද ස්වේච්ඡාවෙන් වසා දැමීමට යක්කල වෙළෙඳ සංගමය තීරණය කර ඇති බවය.

මේ අතර කැප්පෙටිපොළ නගරයේද වෙළෙඳසැල් අද සිට ස්වේච්ඡාවෙන් වසා දැමීමට නගරයේ වෙළෙඳුන් තීරණය කර තිබේ.

මේ අතර සුපුරුදු පරිදි හොරණ සතිපොළ අද දිනයේදී පැවැත්වුණත් එහි ජන ශූන්‍ය තත්ත්වයක් පැවතුණි.

හෙට (16) රාත්‍රී 9.00 සිට සතියක කාලයක් මරදගහමුල සියලු කඩසාප්පු වසා දැමීමට මරදගහමුල ව්‍යාපාරික සංගමය තීරණය කර තිබේ. එම සංගමයේ සභාපති බී. කේ. රංජිත් මහතා සඳහන් කළේ කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා සිය වෙළෙඳුන් එක්වී මෙම පියවර ගෙන ඇති බවය.

මේ අතර අද (15) සිට අම්බලන්තොට නගරයේ සියලු කඩසාප්පු වසා දැමීමට අම්බලන්තොට වෙළඳ සංගමය ඊයේ තීරණය කර තිබුණි.

අම්බලන්තොට අවට ප්‍රදේශවල කොරෝනා පැතිරීමේ දැඩි අවදානමක් ඇති බැවින් එම ප්‍රදේශවල ජනතාව නිරන්තරයෙන් අම්බලන්තොට නගරය වෙත පිවිසීම හේතුවෙන් වෙළෙඳ සංගමය මෙම තීරණය ගෙන තිබුණි.

මේ අතර මාතලේ පලාපත්වල නගරයේ වෙළෙඳසැල්වල සේවකයින් 67 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණයවීමෙන් පසු එම නගරයේ වෙළෙඳසැල් සතියක කාලයක් සඳහා වසා දැමීමට මීට පෙර තීරණය කර තිබුණි.

එමෙන්ම කන්තලේ සේරුනුවර නගරයේ අවමංගල්‍ය උත්සවයක් ආශ්‍රිතව ඇතිවූ කොවිඩ් පොකුරක් හේතුවෙන් ද දින 14 ක් සඳහා සේරුනුවර නගරයේ වෙළෙඳසැල් වසාදැමීමට එම වෙළෙඳ සංගමය පසුගියදා පියවර ගත්තේය.

ඌව පරණගම ලූනුවත්ත නගරයේ වෙළෙඳසැල් ද ඉකුත් 13 වනදා සිට දින 3ක කාලයක් සඳහා වසා දැමීමට ලූනුවත්ත එක්සත් වෙළෙඳ සංගමය පියවර ගෙන තිබුණි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *