Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයින් ඇතුළු අංශ කිහිපයක සේවකයින් සේවයට වාර්තා කිරීමෙන් වැළකී තිබෙනවා.

බදවා ගැනීමට විරෝධය පළ කරමින් අද (24) උදෑසන 7 සිට පැය 24 ක කාලයක් ලෙඩ නිවාඩු වාර්තා කරමින් සේවයට පැමිණීමෙන් වැළකී සිටීම සිදු කරන බව ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ ගම්පහ රෝහල් ශාඛා සභාපති ආර්.කේ.පී.රත්නායක මහතා පවසනවා.

රැකියා ලක්ෂයේ වැඩ පිළිවෙළ යටතේ සෞඛ්‍ය සේවාව සදහා බදවා ගනිමින් දැනට පුහුණුව ලබා දීම සිදු කිරීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කළද මෙතෙක් නිසි විසඳුමක් නොලැබීම මත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවූ බවද සභාපතිවරයා සදහන් කළා.

සෞඛ්‍ය අංශ 19 ක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය දක්වන බව පැවසූ සභාපති රත්නායක මහතා, ගම්පහ රෝහලෙහි සෞඛ්‍ය කාර්ය සහායකයින් 210 දෙනා අතුරින් මෘත ශරීරාගාරය සහ ලේ බැංකුවෙහි සේවය කරන දෙදෙනා හැර රෝහල් මූළුතැන්ගෙය සහ හදිසි සේවා ඇතුළු සියලුම අංශයන්හි සෞඛ්‍ය කාර්ය සහායකයින් සේවයට වාර්තා කිරීමෙන් වැළකීමෙන් සියලුම අංශවල කටයුතු අඩාල වී ඇති බවද කීය.

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි පවතින තත්ත්වය සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතාගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කර සිටියේ මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය හේතුවෙන් දැඩි අපහසුතාවයකින් කටයුතු පවත්වාගෙන යාමට සිදුව ඇති බවයි.

මේ අතර මීරිගම රෝහලෙහි සෞඛ්‍ය කාර්ය සහායකයින්ද මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට සම්බන්ධවී සිටීම මත රෝහලෙහි මෘත ශරීර ඉවත්කර ගැනීමට පවා නොහැකිව ඇති බවක් වාර්තා වනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *