Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියකට කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී ඇති බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් එම විද්‍යාලයට දැනුම් දී තිබෙනවා.

මෙම සිසුවියගේ පියා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කම්හලෙහි සේවය කරන අතර ඔහු ආසාදිතයෙකු බවට තහවුරු වීම හේතුවෙන් ආශ්‍රිතයෙකු වශයෙන් දියණිය පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමේ දී මැයට ද රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව සඳහන්.

මේ අනුව මෙම සිසුවිය ප්‍රතිකාර පිනිස රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර මැය සමග අධ්‍යාපනය ලබන සිසුවියන් ස්වයං නිරෝධායනයට ලක් කිරීම පිණිස එම සිසුවියන්ගේ තොරතුරු ලබා දීමට පියවර ගත් බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් රත්නාවලී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී හේමා ජයවර්ධන සදහන් කළා.

ගම්පහ තිලකරත්න දිසානායක සහ මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *