Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගම්පහ සිතුසර හයර් එඩියුකේෂන් සෙන්ටර් නැමැති අමතර පන්තියේ කාන්තා වැසිකිළියක කැමරාවක් සවිකර තිබූ බවට තොරතුරු හෙළිකළ මවගේ වීඩියෝව අදාළ යූ ටියුබ් නාලිකාවෙන් ඉවත් කර තිබේ.

අදාළ ටියුෂන් පන්තිය නිරෝෂ කළුආරච්චි නැමැත්තෙකු විසින් පවත්වාගෙන යනු ලබන එකක් බවත්, එම ආයතනයේ කළමණාකරණය (කාඩ් එකතු කිරීම ආදිය) ආයතන අධිපතිවරයාගේ මව විසින් සිදුකරනු ලබන බවත් පැවසේ.

ගැමුණු රණවීර නැමැති ගුරුවරයකුගේ තොරතුරු තාක්ෂණ පන්තියකට සහභාගිවූ ගැහැණු දරුවකු විසින් අදාළ කැමරාව වැසිකිලියේ සඟවා තිබියදී සොයාගෙන තිබිණි.

එක්සත් මානව හිමිකම් සංවිධානය විසින් මේ තොරතුරු හෙළිකර තිබූ අතර, සිද්ධිය ගැහැණු දරුවා විසින් ගැමුණු රණවීර මහතාට දැන්වූ පසුව

පුතේ මේවා එච්චර ගණන් ගන්න එපා, මේවා සාමාන්‍යයෙන් වෙනවා – මේක එච්චර ලොකු දෙයක් නෙවෙයි

යනුවෙන් පවසා ඇති බවද පැවසේ.

මේ වන විට Live CHANEL4 NEWS නැමැති නාලිකාව විසින් පලකර පසුව මකා දැමුණු වීඩියෝව අපවෙත ලැබී ඇති අතර එය පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published.