ගම්පොළ ශික්ෂණ රෝහලේ කොවිඩ් ආසාදිත වෛද්‍යවරයෙක් පැවැත් වූ සාද දෙකක් හේතුවෙන් එම රෝහලේ අංශ කිහිපයක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
එම වෛද්‍යවරයා රෝහලේ කනිෂ්ඨ සේවකයන්ට සහ හෙද , හෙදියන්ට එම රෝහලේම සාදයක් පවත්වා තිබෙනවා.
තවද වෛද්‍ය වරුන් වෙනුවෙන් පෞද්ගලික රෝහලක වෙනම සාදයක් පවත්වා තිබෙනවා.
මෙම වෛද්‍යවරයාගේ බිරිද හටද වෛරසය ආසාදනය වී තිබෙනවා.
ගම්පොල රෝහලේ හදිස්සි අනතුරු අංශය , භාහිර රෝගී අංශය , සහ 6,9,5 යන වාට්ටු තාවකාලිකව වසා දමා තිබෙනවා.