රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි ආරම්භ කළද ගර්භණී සහ වයස අවුරුදු එකට අඩු දරුවන් සිටින නිලධාරිනියන් සේවයට නොකැඳවන ලෙස ලංකා ගුරු සේවා සංගමය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.
කොවිඩ් වයිරසයේ ඔමික්‍රෝන් වැනි ප්‍රභේද ව්‍යාප්තවීමේ අවධානම තිබියදී එවැනි පිරිස් සඳහා ලබා දී තිබූ සහනය අහෝසි කිරීම සුදුසු නොවන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පෙන්වා දෙන්නේ.
එම සහනය අහෝසි කර ඇත්තේ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මතද නැතිනම් එවැනි වගකීම් සහගත විද්‍යාත්මක ප්රවේශයකින් හෝ නිර්දේශයකින් තොරවද යන සාධාරණ සැකයක් ඇති බව ද ඔහු පවසනවා.