Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගලගෙදර පොලිස් වසමේ දෙහිඅංග ප්‍රදේශයෙන් හමුවූ කොවිඩ් 19 ආසාදිතයා පසුගියදා ශිෂ්‍යත්ව විභාගය පැවති දිනයේ කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක් අසල ගැවසී ඇති බවට තොරතුරු හෙළි වීමත් සමඟ එම බාලිකා විදුහල සම්පූර්ණයෙන් විසබීජහරණය කිරීමට අද(14) ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

කෙසේ නමුත් අදාළ පාසලේ පැවැත්වෙන උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් යම් තීරණයක් ගන්නේ දැයි මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ එවැනි තීරණයක් ගැනීමට මෙතෙක් අවශ්‍යතාවයක් පැන නැගී නොමැති බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *