Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගාල්ල ධීවර වරායේ ධීවරයන් ඇතුළු සේවා සපයන්නන්ගේ මෙතෙක් ලැබුණු PCR පරීක්ෂණ වාර්තාවලින් 07 දෙනකු ආසාදිත බව තහවුරු වී තිබෙන බව ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

මෙම වාර්තා අද (23) උදෑසන ලැබී තිබුණා.

ඊයේ (22) දිනයේදී ගාල්ල ධීවර වරායේ ධීවරයන් ඇතුළු සේවා සපයන්නන් 166 දෙනකු PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබුණා.

මෙම වාර්තා සියල්ල මෙතෙක් ලැබී නොමැති අතර ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ එම වාර්තා අද දිනයේ දී ලැබෙනු ඇති බවයි.

මේ අනුව දැනට හඳුනාගෙන ඇති ධීවරයන් සියලු දෙනා කඩිනමින් ප්‍රතිකාර සඳහා රෝහල්වෙත යොමුකරන බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් පිළිබඳ සොයා බලා ඔවුන් සියලු දෙනාම නිරෝධායන කටයුතු සඳහා යොමුකරන බවත් සෞඛ්‍ය අංශ පවසනවා.

ඊයේ දිනයේ PCR පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාදුන් සියලු දෙනාට තවදුරටත් වෙනත් පුද්ගලයන් සමග සම්බන්ධ නොවූ හුදකලාව සිටින ලෙස උපදෙස් දී තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *