Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගාල්ල උණවටුන බොනවිස්ටා ජාතික පාසලේ සිසුවියකට හා ඇගේ මවට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවයි.

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි ඔවුන් පසුගිය දා කොරෝනා ආසාදිත බව තහවුරු වූ කොළඹ අයිඩීඑච් රෝහලේ හෙදියගේ සමීපතමයෝය.

සෞඛ්‍ය අංශ පවසන්නේ මේ අයිඩීඑච් හෙදිය බොනවිස්ටා සිසුවියගේ පුංචි අම්මා බවයි. සිසුවියගේ නිවසේ පසුගිය දිනක සාදයක් තිබී ඇති බවත් එම සාදයට අයිඩීඑච් හෙදිය සහභාගී වී ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි. මේ සාදය සඳහා බොනවිස්ටා සිසුවියගේ මිතුරියන් පිරිසක් ද සහභාගී වූ බවට තොරතුරු ලැබී ඇත.

විදුහලේ 09 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවිය මෙවර පාසල් ආරම්භ වූ පසු විදුහලට පැමිණ නැතැයි විදුහල්පති කරුණාරත්න ගනේවත්ත පවසයි. එසේ වුව ද පෙළ පොත් ලබාගැනීම සඳහා සිසුවියගේ මව පාසලට පැමිණෙන්නට ඇතැයි විදුහල්පතිවරයා කීවේය.

ඒ පිළිබඳ හෙට (07) දිනයේ පරීක්ෂාකර බැලිය යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සිසුවියගේ මව අද (06) රෝහල් ගත කරන අවස්ථාවේ දී ඇයගේ ආසාදිතයන් ගැන තොරතුරු විමසීමේ දී පවසා ඇත්තේ තමන් බොනවිස්ටා පාසලට නොගොස් වෙනත් මවකට දියණියගේ පාඩම් පොත් රැගෙන එන ලෙස දැනුම් දුන් බවයි. එසේ වුව ද ඇය වරින් වර පවසන කරුණු එකිනෙකට පරස්පර බව සෞඛ්‍ය අංශ කියයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *