Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 12 වන තරගය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේදී අද පැවැත්වුණා. ඒ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම අතරයි.

මෙම තරගයෙන් ලකුණු 9 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සමත් වූ අතර ඔවුන් හමුවේ පරාජයට පත්වුණේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.

තරගයේ කාසිය වාසිය දිනාගත් දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කලා.

ඒ අනුව පිටියට පිවිසි දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 207ක් රැස් කිරීමට සමත් වුණා.

ලකුණු රැස් කිරීමේදී දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වන උපුල් තරංග පන්දු 54කදී ලකුණු 77 ක් වාර්තා කිරීමට සමත් වුණා.

Image Source :SLC

නිරෝෂන් දික්වැල්ල පන්දු 37කදී ලකුණු 60ක් රැස් කල අතර නායක දසුන් ශානක ලකුණු 37 රැස්කලේ පන්දු 21 කදී.

පන්දු යැවීමේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් ලකුණු 39කට කඩුලු 2ක් දවාගත් අතර ලක්ෂාන් සඳකැන් ලකුණු 30ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් එක් කඩුල්ලක් දවාගැනීමට සමත් වුණා. අසිත ප්‍රනාන්දු ලකුණු 56ට එක් කඩුල්ලයි.

ඒ අනුව ලකුණු 209 ක ඉලක්කය සපුරාලීම සඳහා පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 52ට ලකුණු 78 ක් රැස්කරමින් කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබාදුන් අතර අසාම් කාන් පන්දු 24කදී ලකුණු 55ක් රැස්කරමින් ගාල්ල කණ්ඩායමේ තවත් ශක්තිමත් කලා.

Image Source : SLC

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ආරම්භය ශක්තිමත් වූවද මැද පෙල සහ අනෙකුත් ක්‍රීඩකයින්ගෙන් එතරම් සහයෝගයක් නොලැබීම හේතුවෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට තරඟාවලියේ ලබාගන්නට තිබූ පළමු ජය අහිමි වුනා.

පන්දු යැවීමේදී අන්වර් අලි ලකුණු 37ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුලු 3ක දවා ගැනීමට සමත් වූ අතර කසුන් රාජිත, රමේෂ් මෙන්ඩිස්, ස්මිත් පටෙල් සහ දසුන් ශානක අතර කඩුල්ල බැගින් බෙදී ගියා.

දඹුල්ල වයිකින්ග්ස් 207/4 (20 Ov, RR: 10.35)

උපුල් තරංග – පන්දු 54 කින් ලකුණු 77
නිරෝෂන් දික්වැල්ල – පන්දු 37 කින් ලකුණු 60
දසුන් ශානක – පන්දු 21 කින් ලකුණු 37
ධනංජය ලක්ෂාන් 2/39
ලක්ෂාන් සඳකැන් 1/30
අසිත රාජපක්ෂ 1/56
ගෝල් ග්ලැඩියේටර්ස් 198/7 (20 Ov, RR:9.9)

ධනුෂ්ක ගුණතිලක – පන්දු 52 කින් ලකුණු 78
අසාම් කාන්– පන්දු 24 කින් ලකුණු 55
අසාන් අලි – පන්දු 16 කින් ලකුණු 19
අන්වර් අලි 3/37
දසුන් ශානක 1/10
රමේෂ් මෙන්ඩිස් 1/30

තරඟයේ වීරයා : අන්වර් අලි
එකොළොස්වන තරඟය : දඹුල්ල වයිකින්ග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස්
ක්‍රීඩාංගනය : හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනය

ගාලු කණ්ඩායම පිට පිට ලැබූ පස්වන පරාජයත් සමඟ තරඟාවලි ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන අතර දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම ලැබූ මෙම ජයත් සමඟ ඔවුන් දෙවන ස්ථානයට පත් විය.

– සුදිප විදුනුවන් / ශාෂිංක විදුසර –

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *