Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අධිවේගී මාර්ග ප්‍රධාන පාලක ස්ථානයේ ගැලනිගම පොලිසියේ නිලධාරීන් 06 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව දක්ෂිණ අධිවේගී මාර්ග රථවාහන පොලිසිය පවසනවා.

ආසාදිත නිලධාරීන් අතර පොලිස් සැරයන්වරුන් තිදෙනෙකු සහ කොස්තාපල්වරුන් තිදෙනෙකු වන බවයි පොලිසිය පැවසුවේ.

එම මුරපොළේ සේවය කරන හොරණ ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයෙකුට වෛරසය ආසාදනය වී තිබුණා.

අනතුරුව ගැලණිගම අධිවේගී මාර්ග ප්‍රධාන පාලක ස්ථානයේ නිලධාරීන් 14 දෙනකු බස්නාහිර පළාතෙන් පිට වන පුද්ගලයන් සඳහා වැලිපැන්න අධිවේගී පිවිසුම අසල සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව සඳහා ඊයේ යොමු කිරීමෙන් අනතුරුව එයින් 05 දෙනකුට වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය ද වී තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *