Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තමන්ට ගෑස් සිලින්ඩරයක් ලබා නොදුන් බව පවසමින් කාන්තාවක් ගෑස් ප්‍රවාහනය කරන ලොරි රථයක් ඉදිරිපිට බිම හිඳගනිමින් විරෝධතාවක නිරත වී තිබේ.

වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේදී කාන්තාවක් මෙලෙස ගෑස් අලෙවි නියෝජිත ආයතනයක් ඉදිරිපිට විරෝධතාවක නිරතව ඇත.

අදාළ ගෑස් අලෙවි නියෝජිත ආයතනයේ හිමිකරු විසින් එම කාන්තාවට පවසා ඇත්තේ ඇනවුමට ප්‍රමාණවත් පරිදි ගෑස් නොපැමිණ ඇති බවයි.

පසුව එම කාන්තාව ගෑස් ප්‍රවාහනය කරන ලොරි රථය ඉදිරිපිට බිම හිඳගෙන විරෝධයේ නිරතව ඇත.

ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමඟ අනතුරුව එම ස්ථානයට වාද්දුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පැමිණ තිබේ.

එහි දී ගෑස් අලෙවි නියෝජිත ආයතනයේ හිමිකරු විසින් අදාළ කාන්තාවට ගෑස් සිලින්ඩරයක් ලබා දෙන බවට පොරොන්දු වීමත් සමඟ විරෝධය අවසන් කර ඇත.

1 Comment

  • P.A.P.B.M.R.JOTHIPAALA, 2021-11-15 @ 8:51 PM Reply

    SRI+LANKA Derane Upan Janathaawata Eththatama Eyi Meweni Asaadhaaranakam Karanne. Ahinsaka Minisun Uyan Kanne Kohomade? Gas Nomethiwa.

Leave a Reply

Your email address will not be published.