Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පොලොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානය නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරී බරපතළ තුවාල ලබා කොළඹ මහ රෝහලේ දින 12 ක් ප්‍රතිකාර ලබමින් සිටි 19 වියැති විවාහක කතක් අද (25) සවස මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද සඳුන්පිටිය අංක 68 ලිපිනයේ පදිංචිව සිටි බී.ජී. අයේශා කුමුදුනි යන අය බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

පසුගිය 13 වැනිදා ඇය නිවසේ මුළුතැන් ගෙයි තිබූ ගෑස් උදුන දැල්වීම්ට යෑමේදී එය දැල් වී නොමැති නිසා ගිනිකූරක් මගින් දැල්වීමට උත්සාහ දැරීමක් සමග ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

සිද්ධිය වන විට නිවසේ වෙනත් කිසිවකුත් නොසිට ඇති අතර අසල්වාසීන් පැමිණ ගෑස් ලිපෙන් මුළුතැන්ගෙයි පුරා නැඟුණු ගිනි නිවා අසල්වාසීන් විසින් ඇයව වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

මේ සම්බන්ධ නිවසියන් වැලිකන්ද පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ඒ සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් කර අද අවසන් කටයුතු කිරීමට පවුලේ ඥාතීන්ට දේහය භාරදුන් බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

මියගිය කතගේ පියා වන දිඹුලාගල පැළලටියාව අංක 481 ලිපිනයේ පදිංචි 51 වියැති බී.ජී. ජයසූරිය මහතා සඳහන් කළේ මෑතක දී ගන්නා ලද සිලින්ඩරයක් පුපුරා තම දියණියට මෙම අවාසනාවන්ත මරණය සිදු වූ බවයි.

මේ පිළිබඳ අදාල බලධාරීන්ගේ විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස ද දෙදරු පියකු වන ජයසූරිය මහතා ඉල්ලීමක් කළේය. මිය ගිය කතගේ අවසන් කටයුතු 26 වෙනිදා පැළෑටියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published.