පවතින ගෑස් සහ කිරි පිටි හිඟය හේතුවෙන් නිර්මාණය වී ඇති පෝලිම්වල හිටගෙන සිටීම සඳහා එක්තරා රාජ්‍ය ආයතනයක නිලධාරියෙක් දිනයක නිවාඩුවක් ඉල්ලා ඇති බව වාර්තා වේ.
ඔහු තම නිවාඩු ඉල්ලුම් පතේ නිවාඩු ලබා ගැනීමට හේතුව ලෙස දක්වා ඇත්තේ ගෑස් සහ කිරි පිටි පෝලිම්වල සිටීම සඳහා ලෙස දක්වමිනි.
මේ වන විට රට තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම භූමිතෙල්, ගෑස් සඳහා ද ඇතැම් ප්‍රදේශයන්හි පෝලිම් නිර්මාණය වී තිබේ.
සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබූ එම නිවාඩු ඉල්ලුම්පත්‍රයේ පින්තූරය පහතින්,
