Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ අවුරන්ගාබාද් දිස්ත්‍රික්කයේ ගෑස් සිලින්ඩරයක් පිපිරී යාමෙන් විශාල ගින්නක් හටගෙන තිබේ.

එම ගින්නෙන් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත. පුද්ගලයින් 10 දෙනෙකුගේ පමණ තත්ත්වය බරපතළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අද අලුයම 2:30ට පමණ නිවසක් තුළ පූජා සඳහා ආහාර පිසීමේදී මෙම ගින්න හටගෙන ඇති බව සඳහන් වේ.

ගින්න නිවීමේදී පොලිස් නිලධාරීන් හත් දෙනෙකු ද පිළිස්සුම් තුවාල ලබා ඇත.

මෙම ගින්නට හේතුව මෙතෙක් තහවුරු කර නොමැති නමුත් ගෑස් පිපිරීමක් හේතුවෙන් ගින්න හටගත් බව අදාළ නිවසේ හිමිකරු අනිල් ගොස්වාමි පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *