Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගනිමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිපිරීම් රැසක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ සමඟින් නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 25 දෙනා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන් මුදා ගැනීමට කටයුතු කළා.

සිංගප්පූරු ධජය සහිත එක්ප්‍රස් පර්ල් නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව තුළ ගිනි ගැනීමක් ඇතිව තිබුණේ පසුගිය 20 වැනිදායි.

ඒ අවස්ථාවේ එම නෞකාව කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 10ක පමණ දුරකින් මුහුදේ නැං ගුරම්ලා තිබූ අතර ඒ අවස්ථාවේ එම නෞකාවෙහි බහාලුම් 1486ක රසායනික ද්‍රව්‍ය හා රූපලාවන්‍ය ද්‍රව්‍ය අඩංගු වූ බවට පසුව අනාවණය වුණා.

ඒ අතර නයිට්‍රික් ඇසිඩ් මෙට්‍රික් ටොන් 25ක පමණ ප්‍රමාණයක් අන්තර්ගතව තිබූ බවද හෙළි වුණා.

නෞකාවේ ඇතිවූ ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, වරාය අධිකාරිය හා ගුවන් හමුදාවේද සහයෙන් මෙහෙයුම් සිදු කෙරුණා. නෞකාවේ ඇති වූ ගින්නත් සමඟින් එහි සිටි විදේශීය ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයින් 25 දෙනා බේරා ගැනීමේ මෙහෙයුම් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කෙරුණා.

ඒ අතර සිටි තුවාල ලැබූ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැණුනා.

මේ වන විට එක්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න එහි අභ්‍යන්තරයටද දැඩිව පැතිර ගොස් ඇති අතර මුහුදේ පවතින සුළං තත්ත්වයේ වැඩිවීම සහ සාගරයේ කැළඹිලි සහගත තත්ත්වයට අමතරව නෞකාවේ බහාලුම් තුළ ගබඩා කර තිබූ අන්තරායකර භාණ්ඩ හේතුවෙන් පිපිරීම සිදු වන්නට ඇති බවට සැකකෙරෙනවා.

මෙවන් වාතාවරණයක් තුළ නෞකාවේ ගින්න නිවා දැමීමට අපහසු මට්ටමකට ළඟා වී ඇති අතර ගිනි ගන්නා නෞකාව ඈත දියඹට ඇදගෙන යාමට තීරණය වී තිබෙනවා.

මේ අතර අදාළ නෞකාවේ ගිනිගැනීමෙන් විනාශයට ලක් වූ කොටස් වෙරළාසන්න ප්‍රදේශ වලට ගොඩ ගසා ඇත.

එමෙන්ම වෙරළ තීරයේ බොහෝ ප‍්‍රදේශවල යම් කළු පැහැ ද්‍රව්‍යයක් ද තැන්පත් වී තිබේ.

මෙම ගින්න තවදුරටත් ඇවිලෙමින් පවතින අතර එය මැඩපැවැත්වීමට නොහැකි වූවොත් ගැඹුරු දියඹ වෙත ඇදගෙන යාමට බලාපොරොත්තු වෙයි.

පානදුර සිට හලාවත දක්වා වෙරළාසන්න ජනතාව වෙරලට පැමිණීමෙන් වලකින ලෙස දැනුම් දී ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *