Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බටහිර අප්‍රිකානු ගිනියා රාජ්‍යයේ බලය පැහැරගැනීමට එරට හමුදාව සමත් විය.

එරට හමුදාවේ ලුතිනන් කර්නල් මමදි දූම්බූයා විසින් මෙම බලය පැහැරගැනීමේ කුමන්ත්‍රණය දියත් කර ඇත්තේ ගිනියා රාජ්‍යයේ ජනපති ඇල්ෆා කොන්ඩේට විරුද්ධව බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හමුදාව විසින් ජනපතිව අත් අඩංගුවට ගෙන ඇතැයි සහ ඒ පිළිබඳව වන වාර්තා සහ ඡායාරූප සමාජ මාධ්‍ය වල සංසරණය වන බවද වාර්තා වේ.

කෙසේ වෙතත් එරට රාජ්‍ය රූපවාහිනිය ඉදිරියේ පෙනි සිටිමින් හමුදාව නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ රජය විසුරුවා හැර ඇති බවයි.

එරට රජය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ හමුදාව විසින් එල්ල කළ ප්‍රහාරයන් ජනපති ආරක්ෂක බලකාය විසින් ව්‍යර්ථ කළ බවයි.නමුත් ගිනියා ජනපති මැදුර අසළින් අඛණ්ඩව වෙඩි හඬවල් ඇසුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා වෙයි.

2010 සිට 2020 වසර තෙක් ජනපති ලෙස කටයුතු කරන ඇල්ෆා කොන්ඩේ තුන්වන වරටත් ගිනියා ජනපති ලෙස පත් වූයේ වැඩි ජනතා අප්‍රසාදය මතයි.

ස්වාභාවික සම්පත්වලින් ඉතා පොහොසත් ගිනියා රජය වසර ගණනාවක් ඔස්සේ පවතින කලහකාරී තත්ත්වයන් සහ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය නොකිරීම හේතුවෙන් මේ වන විට ලොව දුප්පත්ම රටවල් අතරට එක්ව ඇත.

කෙසේ වෙතත් මෙම කුමන්ත්‍රණය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් හෙළා දැක ඇති අතර වහාම ජනපතිව නිදහස් කරන ලෙසද ගිනියා හමුදා වලින් ඉල්ලා ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *