Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගිනි ගැනීමට ලක්වූ මෝදර, මාදම්පිටිය, කජීමා වත්තෙහි පදිංචිකරුවන් අතරින් 214 දෙනෙකු නිවසක් ලබාගැනීමට අවශ්‍ය අවම සුදුසුකම්වත් සපුරා නොමැති බවට හඳුනා ගෙනකට තිබේ.

කජීමා වත්ත ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්දයෙන් නාගරික සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලබාදුන් වාර්තාවක් මගින් මේ බව අවධාරණය කර තිබේ.

ඒ අනුව නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ අනුමත ප්‍රතිපත්තීන්වලට අනුව ඔවුන්ට නිවාස ලබාදීමේ හැකියාවක් නැතැයි ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ගිනි ගැනීමට ලක්වූ මෙම කජීමා වත්ත ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් අතර අක්කර පහක පමණ විශාලත්වයකින් යුතුය.

2011 වසරේදී ආරම්භකළ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ එම ඉඩම්වල පදිංචි පවුල් වෙත ස්ථීර නිවාස ලබාදෙන තෙක් තාවකාලික අතරමැඳි කඳවුරක් පවත්වාගෙන යෑමට තාවකාලික පදනම මත කජීමා වත්ත නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් බව ද අදාළ වාර්තාවේ සඳහන් වෙයි.

නාගරික සංවර්ධන අධිකාරිය මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට ඉඩම් නිදහස් කර ගැනීමේ දී අවතැන්වන පවුල් මෙම කජීමා වත්තෙහි තාවකාලිකව පදිංචි කර ඇත.

එලෙස පදිංචි කරන ලද පවුල් සංඛ්‍යාව 275කි.

අනතුරුව එම පිරිසට විකල්ප නිවාස ලබාදී කජීමා වත්ත නිදහස් කර ගෙන ඇත. 

ඉන් පසුවද අවස්ථා කිහිපයකදීම මෙම අතරමැදි කඳවුර තුළ පවුල් ඒකක 50ක් පමණ පදිංචිකරවා ඇති අතර 214 වසරින් පසුව දේශපාලන මැදිහත්වීම මත මෙම ඉඩමෙහි අනවසර පවුල් 291 පමණ පදිංචිකරවා ඇත. 

එමෙන්ම 2015 පසුව දේශපාලන මැදිහත්වීම මත යළි අවස්ථා කිහිපයකදී ම විවිධ ප්‍රදේශ වලින් පැමිණි පිරිස් මෙහි අනවසරයෙන් පදිංචි කරවා ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *