Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගුණසිංහපුර ප්‍රදේශයේ සිට නිරෝධායනයට රැගෙන ගිය දෙදෙනකු අද (01) ජීවිතක්ෂයට පත්වී තිබෙන බව ගුවන්හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා තහවුරු කළා.

ගුණසිංහපුර ප්‍රදේශයේ සිටි මෙම පිරිස අප්‍රේල් මාසයේ 14ත් 18ත් අතර දිනක දී ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යනු ලැබුවා.

එහි සිටිය දී එක් පුද්ගලයකු අද උදෑසන ජීවිතක්ෂයට පත්වී ඇති අතර අනිත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අද පස්වරුවේදීයී.

ඔවුන් දෙදෙනාගේ සිරුරු මේ වන විට මුල්ලයාවේලි රෝහලේ තැම්පත් කර තිබෙනවා.

මෙම පිරිසෙන් අද උදෑසන මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 80ට වැඩි බවට සැක කරන බවත්, ඔහුගේ සාම්පල පරීක්ෂණ සඳහා යවා ඇති බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

අනෙත් පුද්ගලයාගේ සාම්පල ද පරීක්ෂණ සඳහා යැවීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

”මෙම පිරිසට හැඳුනුම්පතක්වත් නෑ. ඒ නිසා නිශ්චිත තොරතුරක් නැහැ. ඔවුන් දුන්න තොරතුරු තමයි අප සතුව තිබෙන්නෙත්.” යැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published.