Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගුරුවරුන් නිවෙස්වල සිට රාජකාරි කළ යුතු බව සඳහන් කරමින් අධ්‍යාපන ලේකම්වරයා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊට ඉහත චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ සියලුම ගුරුවරුන් පාසල්වලට පැමිණිය යුතු බවය.

ඉන් අනතුරුව තවත් චක්‍රලේඛයක් නිකුත් කරමින් පසුව සදහන් කර තිබුනේ ගුරුවරුන් පාසල්වලට නොපැමිණෙන්නේ නම් ඔවුන්ගේ පෞද්ගලික නිවාඩුවලින් ගුරුවරුන් නොපැමිණි දින හිලව් කර ගත යුතු බවය.

එහෙත් පසුව නැවතත් චක්‍රලේඛ නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ගුරුවරු නිවෙස්වල සිට රාජකාරි කළ යුතු බවය.

නිවෙස්වල සිට ඔන්ලයින් ක්‍රමයට සිසුන්ට ඉගැන්වීම විකල්ප ක්‍රියාමාර්ග ඔස්සේ සිසුන්ගේ කටයුතු සිදුකිරීම වැනි රාජකාරි කළ යුතු බව අලුත්ම චක්‍රලේඛයෙන් සඳහන් කර තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *