Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (04) දින ජනාධිපති කාර්යාලය ඉදිරියට ගාලුපාර, හයිලෙවල් පාර, නුවර පාර, සහ මීගමු පාර ඔස්සේ රථ පෙළපාළියකින් පැමිණ උද්ඝෝෂණයේ යෙදුනු ගුරුවරුන් 42 දෙනෙකු සහ රථ වාහන 10ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අයුතු අවහිරය, නීති විරෝධී ජන රාශියක සාමාජිකයන් වීම, ජාතික මං මාවත් පනත යටතේ ප්‍රධාන මාර්ගය අවහිර කිරීම, නිරෝධායන නීති උල්ලංඝණය කිරීම යන චෝදනා මතයි.

අත්අඩංගුවට ගත් පිරිස අරත ගුරුවරු 26ක් හා ගුරුවරියන් 16ක් වේ.

කෙසේ නමුත්, අත්අඩංගුවට ගෙන තිබූ ගුරුවරුන් 42 දෙනාම අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුරු උද්ඝොෂණය නිම කර නිවෙස් බලා යමින් සිටිය දී බවයි වාර්තා වන්නේ.

උද්ඝෝෂණය නිම කර කොටුවෙන් පිටත් වීමෙන් පසු එකිනෙකා තනි වී සිටිය දී මේ ගරු පිරිස සැලසුම් සහගතව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

බුද්ධි අංශ සහය සහිතව එකිනෙකා පිළිබඳ අධීක්ෂණය කර පොලිස් කණ්ඩායම් කිහිපයක් කොළඹින් පිටවන මාර්ග ආවරණය වන පරිදි රඳවා තබා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

එමෙන්ම එලෙස අත්අඩංගුවට ගත් පිරිස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් සඳහා යොමු කිරීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

ජනාධිපති කාර්යාලය ඉදිරියේ පැවැත්වූ දැවැන්ත උද්ඝෝෂණයට අනතුරුව ජනාධිපති අතිරේක ලේකම් වරයෙක් සමග ගුරු සංගම් සාකච්ඡා කළහ.

එම සාකච්ඡා අසාර්ථක වූ බවත් තවත් කමිටුවක් පත් කිරීමට කළ යෝජනාව කාරුණිකව ප්‍රතික්ෂෙප කළ බවත්, ලබන සඳුදා කැබිනට් මණ්ඩලයේ දී නිසි තීරණයක් ගන්නා ලෙස ඉල්ලා සිටි බවත් එම සාකච්ඡාව අවසානයේ දි ලංකා ගුරු සංගමයේ සභාපති ජෝෂප් ස්ටාලින් ප්‍රකාශ කර තිබෙන අතර, ප්‍රශ්නය විසඳෙනතුරු වර්ජනය ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *