Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීරණය අද (30) ලබාදීමට නියමිතව තිබේ.

අමාත්‍ය අනුකමිටු යෝජනාව පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය වෙත යොමු කෙරුණ අතර අමාත්‍ය අනුකමිටුව ඉදිරිපත්කළ යෝජනා සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවල එකඟතාවද පළ වී ඇති බව වාර්තා වේ.

වෘත්තීය සමිති සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර පසුගිය දා පැවැති සාකච්ඡවේ දී සාධනීය තත්ත්වයක් ඇති වු බව ගුරු වෘත්තීය සමිති ප්‍රකාශ කළේය.

විසඳුම් ඉදිරිපත් වු වහාම ඔන්ලයින් අධ්‍යාපනයෙන් බැහැරව සිටිම, සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරික්ෂණවලින් ඉවත්ව සිටිම ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ගවලින් බැහැර වන බව ඔවුන් සඳහන් කළේය.

මේ අතර ගුරු – විදුහල්පති වෘත්තීය සංගම් විසින් සංවිධානය කළ විරෝධතාවලට සහභාගි වු ගුරුවරුවන්ගෙන් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බවට සිදුකෙරෙන ප්‍රකාශ අසත්‍ය බව ලංකා ගුරුසේවා සංගමයේ  ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *