ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන මහජන විරෝධතාවයට අද දිනයේ නිල ඇඳුම් ඇද ගත් පොලිස් නිලධාරියෙක් ද එක්ව සිටියා.
ඔහු එහිදී කියා සිටියේ ජන පීඩක ආණ්ඩුවට තමන් එදා සිටම විරුද්ධ බවයි.
තමන් ගෝල්ෆේස් විරෝධතාව පැමිණෙන විටත් මහජනතාව ඉන්ධන, ගෑස් ඇතුළු පෝලිම් වල සිටින අයුරු දුටු බවද ඔහු කියා සිටියා. අරගලයට එක්වූ පොලිස් නිලධාරියා පැවසුවේ මෙම අරගලය වෙනුවෙන් සියලු දෙනා එකාවන්ව එක්විය යුතු බවයි.
ඔය ගහන බැටන් පොලු පාර හරි, කඳුළු ගෑස් පාර හරි වදින්නේ උඹලට නෙමෙයි උඹේ දරුවන්ට. එහෙම නැත්නම් ඒ දරුවන්ගේ දරුවන්ටයි. ඒක හින්ද ත්රිෆෝසස් කොල්ලන්ටත් කියනවා මුන් කරන්නේ බොරුවක් කියලා මුන්ව රැකලා වැඩක් නැහැ. ඒකයි මං ආවේ. මට ජොබ් එක නැති උනාට කමක් නැහැ. මං පතල් වැඩ කරලා හරි ජිවත් වෙනවා
එම පොලිස් නිලධාරියා කියා සිටියා.
Police officer joins Gulface protest !#lka #news #srilanka #Galleface #Protest #GoHomeGota pic.twitter.com/jSiOT5QvBN
— Ceylon News Factory 🇱🇰 (@CeylonNewsFact) April 14, 2022