Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගෞරවය වෙනුවෙන් සටන් වැදුණු ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තුන්වන හා අවසන් එක්දින තරඟයේ දී දුෂ්මන්ත චමීර සහ කුසල් ජනිත් පෙරේරා වාර්තා රැසක් අලුත් කිරීමට සමත් වුණා.

දුෂ්මන්ත චමීර

ඊයේ තරඟයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාව තීරණය කළා.

ආරම්භයේ පටන් සාර්ථකත්වයක් දැක්වූ ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 6 ක් දැවී මුළු ලකුණු 286 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිල ලකුණු 189 කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු බලඇණිය සමත් වුණා එහි වැඩි ගෞරවය දිනා ගනිමින් දුෂ්මන්ත චමීර සිය එක්දින ක්‍රිකට් දිවියේ විශිෂ්ටතම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වුණා.

එය බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලාංකික පන්දු යවන්නෙකු වාර්තා කළ දෙවන විශිෂ්ටතම පන්දු යැවීමයි.

6/25 – Chaminda Vaas in 2003
5/16 – Dushmantha Chameera in 2021
5/31 – Muttaih Muralitharan in 2008

එමෙන්ම තරගාවලිය පුරාවට ඔහු ලබාගත් කඩුළු 9 සටහන් වූයේ බංග්ලාදේශයට එරෙහිව තරඟ 3 කින් සමන්විත එක්දින තරඟාවලියකදී ආසියාවෙන්ම පන්දු යවන්නෙකු ලබාගත් වැඩිම කඩුළු සංඛ්‍යාව ලෙසයි.

ඔහු සිය පන්දුවාර පන්දුවාර 9 අවසන් කළේ කඩුළු 5 ක් ලබාගෙන ලකුණු 16 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි.

පන්දුවාරයකට ලබාදුන් ලකුණු සාමාන්‍ය දැක්වූයේ 1.77 ක් ලෙසිනි. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් කඩුළු 5 අවස්ථාවන් ඕනෑ තරම් බිඳ හෙළා තිබුණද පන්දුවාරයකට ලකුණු 2.00 ක සාමාන්‍යයක් නොදී කඩුළු 5 ක් ලබාගැනීම අපහසු දෙයකි.

කෙසේ නමුත් ප්‍රතිවාදීන්ගේ රටකදී එම දස්කම පෑ පළමු ශ්‍රී ලාංකික පන්දු යවන්නා ලෙස දුෂ්මන්ත චමීර ඉතිහාසයට එක්විය.

විශේෂත්වය වනුයේ එම දස්කම පා ඇත්තේ ලෝකෙන්ම පන්දු යවන්නන් 10 දෙනෙකු පමණක් වීමයි.

දුෂ්මන්ත චමීර ඊයේ තරඟයේ දවාගත් කඩුලු 05 පහත වීඩියෝවෙන්,

මේ අතර ඊයේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වන කුසල් පෙරේරා විසින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල අතර, සනත් ජයසුරිය විසින් වසර 21කට පෙර පිහිටුවා තිබු වාර්තාවක් බිඳ හෙලන්නට ද ඔහු ඊයේ සමත් වුනා.

ඒ අනුව පිටියට පිවිසි ගුණතිලක සමඟින් කුසල් පෙරේරා පළමු කඩුල්ලට ලකුණු 82 ක විශිෂ්ට සම්බන්ධතාවක් එක් කළා.

එය පළමු කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු ඩකා ක්‍රීඩාංගණයේදී ගොඩ නැගූ ඉහළම සම්බන්ධතාවයි.

නායකයෙකු ලෙස පෙර තරඟ දෙකේදීම වැඩි පීඩනයක් ගෙන පන්දුවට පහර දුන් කුසල් ජනිත් මෙම තරඟයේදී සුපුරුදු රිද්මයෙන් ක්‍රීඩා කරමින් එක්දින දිවියේ 6 වන ශතකය ලබා ගැනීමට සමත් වුණා. නායකයෙකු ලෙස ඔහු ලබාගත් මංගල එක්දින ශතකයයි.

පන්දු 122 කදී ඔහු ලබාගත් ලකුණු 120 ට හතරේ පහරවල් 11 ක් හා එක් හයේ පහරවක් ඇතුළත් වුණා.

එය ඉතිහාසයට එක්වූයේ ශ්‍රී ලංකා නායකයෙකු බංග්ලාදේශයට එරෙහිව ඉනිමකදී ලබාගත් පළමු ශතකය ලෙසයි.

122 – කුසල් පෙරේරා 2021 දී
74* – ඇන්ජලෝ මැතිව්ස් 2014 දී

එමෙන්ම ශ්‍රී ලංකා නායකයෙකු බංග්ලාදේශයේදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද එය වාර්තා වුණා.

122 – කුසල් පෙරේරා 2021 බංග්ලාදේශයට එරෙහිව ඩකා හීදී
105 – සනත් ජයසූරිය 2000 දී ඉන්දියාවට එරෙහිව ඩකා හීදී

කුසල් පෙරේරා ඊයේ වාර්තා කල ඉනිම පහතින්,

– ශාෂිංක විදුසර –

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *