Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් චන්දිමාල් ජයසිංහ සංවිධානය කල කොළඹ තරු පංතියේ හෝටලයකදී පැවැති සාදයට සහභාගි වූයේ යැයි කියන ප්‍රසිද්ධ කළා පවුලක සාමාජිකාවක් ඇතුළු පුද්ගලයන් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ කරමින් සිටින්නේ යැයි කොළඹ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

එම ප්‍රධාන හෝටලයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂාවෙන් මෙම පුද්ගලයන් හදුනාගත් බවත් කොළඹ මධ්‍යම දූෂණ විමර්ෂණ ඒකකය පරීක්‍ෂණ පවත්වමින් සිටින බවත් එම පොලිස් නිලධාරියා පැවසීය.

එම හෝටලයේ කළමනාකරුවකුගෙන් අද පෙරවරුවේ ප්‍රකාශයක් සටහන්කරගත් බවත් සිද්ධිය වාර්තා වූ පසුගිය මැයි 30 වැනිදා රාත්‍රී එම හෝටලයේ කළමනාකරු ලෙස සේවය කළ පුද්ගලයාගෙන් හෙට ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවත් පොලිසිය කියයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *