Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ එකොලොස් වන තරගය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේදී අද පැවැත්වුණා.

ඒ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කළම්බෝ කිංග්ස් කණ්ඩායම අතරයි. එම තරගයේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් සංචිතය සඳහා නව ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුලත් කර තිබූ අතර ඒ ජොන්සන් චාර්ල්ස් සහ විජයකාන්ත් වියස්කාන්ත් යන ක්‍රීඩකයින් දෙදෙනායි.

මෙහිදී 18 හැවිරිදි විජයකාන්ත් වියස්කාන්ත් යාපනය මධ්‍ය විද්‍යාලයෙන් බිහිවූ දකුණත් පා දඟ පන්දු යවන්නෙක් වීම විශේෂත්වයක්.

Image Source : Jaffna Stallions Media

මෙම තරඟයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට කළම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනාගත් කළම්බෝ කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහර දීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 148ක් පමණයි.

ලකුණු රැස් කිරීමේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වනිදු හසරංග පන්දු 23කදී ලකුණු 41ක් වාර්තා කිරීමට සමත් වුණා.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 23කදී ලකුණු 26ක් රැස් කල අතර මිනෝද් භානුක ලකුණු 21රැස්කලේ පන්දු 24කදී.

ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 50 සීමාව ඉක්මවා යාමට ⁣කළම්බෝ කිංග්ස් කණ්ඩායම අවස්ථාවක් ලබා දුන්නෙ නැහැ.

පන්දු යැවීමේදී කළම්බෝ කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් කුවේස් අහමඩ් කඩුලු තුනක් ද, දුෂ්මන්ත චමීර කඩුලු දෙකක් ද, ඇන්ජලෝ මැතිව්ස් එක් කඩුල්ලක්ද දවා ගත්තා.

Image Source : SLC

ලකුණු 149ක ඉලක්කය සපුරාලීම සඳහා පිටියට පිවිසි කළම්බෝ කිංග්ස් කණ්ඩායමේ ජයග්‍රහණය තම කරමතට ගනිමින් දිනේෂ් චන්දිමාල් නොදැවී පන්දු 51 කදී ලකුණු 68 රැස් කළේ හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් සමගින්.

නායක ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 22කට දැවී ගිය අතර, ඇන්ඩ්‍රි රසල් පන්දු 20කින් ලකුණු 32ක් රැස් කළා.

රසල්ගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් ඇතුළත්.

Image Source : SLC

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 23කට කඩුලු දෙකක් බිද හෙලූ අතර, මංගල එල්.පී.එල් තරගයට ක්‍රීඩා කළ 19 හැවිරිදි විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 29කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

ඔහු දවා ගත්තේ ප්‍රතිවාදී කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේ කඩුල්ල වන අතර, එම කඩුල්ල දවා ගැනීම වෙනුවෙන් ෂොයිබ් මලික් විශිෂ්ඨ උඩ පන්දු රැක ගැනීමක ද නිරත වුණා. 

ජැෆ්නා ස්ටැලියන්ස් 148/9 (20 Ov, RR: 7.4)

වනිඳු හසරංග – පන්දු 23 කින් ලකුණු 41
අවිශ්ක ප්‍රනාන්දු – පන්දු 23 කින් ලකුණු 26
මිනෝද් භානුක – පන්දු 24 කින් ලකුණු 21
කුවේස් අහමඩ් 3/24
දුෂ්මන්ත චමීර 2/27
ඇන්ජලෝ මැතිව්ස් 1/9
කළම්බෝ කිංග්ස් 151/4 (19.2 Ov, RR:7.8)

දිනේෂ් චන්දිමාල් – පන්දු 51 කින් නොදැවී ලකුණු 68
ඇන්ඩ්‍රි රසෙල් – පන්දු 20 කින් ලකුණු 32
ඇන්ජලෝ මැතිව්ස් – පන්දු 24 කින් ලකුණු 22
වනිඳු හසරංග 2/23
චතුරංග ද සිල්වා 1/21
විජයකාන්ත් වියස්කාන්ත් 1/29

තරඟයේ වීරයා : දිනේෂ් චන්දිමාල්
එකොළොස්වන තරඟය : ජැෆ්නා ස්ටැලියන්ස් සහ කළම්බෝ කිංග්ස්
ක්‍රීඩාංගනය : හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනය

මේ අනුව තවමත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වන අතර මෙම තරඟයේ ලැබූ ජයත් සමඟ කළම්බෝ කිංග්ස් කණ්ඩායම ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්වුණා.

– සුදිප විදුනුවන් / ශාෂිංක විදුසර –

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *