Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ රාත්‍රියේ කොළඹ තරු පහේ හෝටලයක (Shangri-La) දී උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙනි.

නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔවුන් ව කොළඹ කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් රෝහණ මහතා පැවසුවේ සාදයට පැමිණි තවත් 20 -25 ත් අතර ප්‍රමාණයක් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බවද, එම පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා සි සි ටි වී දර්ශන පරික්ෂා කරන බවයි.

මොවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නිරෝධායන සහ රෝග වැලැක්වීමේ පනත සහ තවත් චෝදනා කිහිපයක් යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතයි.

කෙසේ නමුත් අදාළ හෝටලයේ දසවන මහලේ පැවති සාදය සඳහා 50ක පමණ පිරිසක් සහභාගී ව තිබෙන බව හෝටල් ආරංචි මාර්ග පවසා සිටිනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *