Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා හෙට (23) පිළියන්දල පොලිසියට කැඳවීමට යන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඇය චමුදිත සමරවික්‍රම සමග යූ ටියුබ් නාලිකාවල සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවලට සම්බන්ධ වූ අතර ඇතැම් සාකච්ඡාවලදී ඇය පිළිබඳව ද යම් විවේචනාත්මක කරුණු සාකච්ඡා වී ඇති නමුත් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇය ගෙන්වන්නේ කවර හේතුවක් ද යන්න පිළිබඳව වාර්තා නොවේ.

කෙසේ වුවද චමුදිත සමරවික්‍රම පදිංචි පිළියන්දල නිවාස සංකීර්ණයක පිහිටි නිවසට පසුගිය දා රාත්‍රියේ මැර කණඩායමක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව ඇය මෙසේ කැඳවීමට නියමිතය.

මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන අතර ඒ කිසිදු විමර්ශනයකින් පහර දුන් පුද්ගලයකු පිළිබඳව පැහැදිලි තොරතුරක් අනාවරණය වී නොමැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර චමුදිත සමරවික්‍රම අධිකරණය හමුවේ ගොනු කළ මෝසමක් මඟින් ඉල්ලා සිටින ලද ආරක්ෂාව පලිබඳව මූලික පියවර ගෙන ඇති අතර ඒ අනුව මේ වනවිට ඔහුගේ නිවසට ආරක්ෂාව ලබා දීමට අවශ්‍ය කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඊයේ (21) රාත්‍රි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.