Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සඳෙහි පාෂාණ සාම්පල ලබා ගැනීමට චීනය මෙහෙයුමක් දියත් කර තිබේ.

ඒ සඳහා රොබෝ Chang’e-5 යානය අද අලුයම වෙන්චැං සංකීර්ණයෙන් පිටත්ව ඇති අතර දෙසැම්බර් මස මැද භාගය වන විට යානය නැවත පෘථිවියට පැමිණීමට නියමිතය.

Image – Getty image

ඇමරිකාවේ සහ රුසියාවේ චන්ද්‍ර පාෂාණ පෘථිවියට ගෙනැවිත් වසර 40කට වඩා වැඩි වන අතර එම ජයග්‍රහණය අත් කරගත් තුන්වන රට වීම චීනයේ අරමුණ වී තිබේ. Chang’e-5 යානය ඕෂනස් ප්‍රෝසෙලරම් (Oceanus Procellarum) නමින් හැඳින්වෙන කලාපයක ඉහළ ගිනිකඳු සංකීර්ණයක් වන මොන්ස් රොම්කර් (Mons Rümker) අසල පිහිටි ස්ථානයක් ඉලක්ක කරගනිමින් ගමන් කරයි. ඇමෙරිකාවේ ඇපලෝ ගගනගාමීන් හා රුසියාවේ ලූනා රොබෝවරුන් ලබාගත් පාෂාණ සාම්පල හා සැසදීමේදී මෙම ස්ථානයේ ඇති පාෂාණ තරුණ යැයි සැලකේ.

නව Chang’e-5 සාම්පල මඟින් සඳෙහි ගිනිකඳු ඉතිහාසය පිළිබඳ අවබෝධය වැඩි දියුණු කරගත හැකි බව මැන්ඩෙස්ටර් විශ්ව විද්‍යාලයේ ආචාර්ය කේට් ජෝයි පවසයි.

Featured image – Getty Image

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *