Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

චීනයේ ඩාලියන් ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක හදිසි ගින්නක් ඇති වී තිබේ.

ගින්නෙන් මහල් නිවාසය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර කිසිදු ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නැත.

ග්ලෝබල් ටයිම්ස් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ,

මෙම ගින්න ඉතා දරුණු ගින්නක් ලෙස පෙනෙන්නට තිබෙන අතර මහල් නිවාසය සම්පූර්ණයෙන්ම විනාශ වන ආකාරය දක්නට ලැබේ.ගින්නට හේතුව විමර්ශනය කෙරෙමින් පවතී.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 30ක් සහ ගිනි නිවන භටයින් 100ක පමණ ප්‍රමාණයක් ගළවා ගැනීමේ මෙහෙයුම් සඳහා එම ස්ථානයට ළඟා වී ඇති බවයි.

ගළවා ගැනීමේ මෙහෙයුම්වලට සහය දැක්වීම සඳහා මහල් නිවාසයේ විදුලිය සහ ගෑස් සැපයුම් ක්‍රියා විරහිත කර ඇත.

මහල් නිවාසයේ ගින්නක් හටගෙන ඇති බවට එහි කම්කරුවකු පැමිණිලි කිරීමෙන් අනතුරුව එක් මහල් නිවාසයකින් ගින්න හටගෙන ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *