ශ්‍රී ලංකාවට යළිත් ණය හෝ ආධාර ලබා නොදීමට චීනය ඇතුළු රටවල් පහක් තීරණයක් ගැනීමට යන බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.
ලංකාවට දැනට පැමිණ සිටි රාජතාන්ත්‍රිකටන් පිරිසක් විසින් ආණ්ඩුවේ ඉහල පෙලේ දේශපාලඥයන් කණ්ඩායමක් සමග මේ බව සඳහන් කර ඇත.
ණය හෝ ආධාර නොදීමට තීරණය කිරීමට ප්‍රධාන කරුණු දෙකක් පදනම කරගෙන බවද චීන රාජතාන්ත්‍රිකයන් විසින්ද දන්වා ඇත.
මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ගැටලූව එහි ප්‍රධාන කරුණක් ලෙස දක්වා ඇත.
එමෙන්ම චීනයෙන් ආනයනය කරන ලද පොහොර නැව ආපසු හරවා යැවීම ගැන පැන නැගී ඇති ගැටලුව ද මේ සදහා බලපා ඇත.
ශ්‍රී ලංකාව මේ වනවිට චීනයට ඩොලර් බිලියන 16ක් ණය වී සිටී.
චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් මුදල් යොදවා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නංවා නැති බවත් කර ඇත්තේ ලබා ගත් ණය මුදල් ගෙවීම පමණක් බවත් ඔවුන් පවසා ඇත.
මෙම තත්ත්වය මත ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පොලියට ණය ගැනීමට සිදුවනු ඇති බව ද ඔවුන් පෙන්වා දී තිබේ.