මතභේදයට තුඩු දුන් චීන පොහොර නෞකාව අයත් සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් අද ගෙවීමට මහජන බැංකුව තීරණය කර තිබේ.
මහජන බැංකුව සදහන් කළේ කොළඹ වාණිජ මහාධිකරණය මගින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කිරිම හේතුවෙන් අදාළ නෞකාව අයත් සමාගමට එම මුදල ගෙවීමට තීරණය කළ බවය.
පොහොර නෞකාව මෙරටට භාර නොගත්ත ද ප්රමිතියෙන් යුත් පොහොර නැවත ලබාදෙන බවට දෙපාර්ශවය අතර එකඟතාවයකට පැමිණි බව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව මහජන බැංකුව හරහා අදාළ සමාගමට මුදල් ගෙවීමට නියමිතය.