Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගාල්ල – ගිංතොට ප්‍රදේශයේ විහාරස්ථානයක බව කියවෙන හිමි නමක් කලහකාරී ලෙස හැසිරෙන වීඩියෝවක් සමාජජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

එහිදී අදාළ හිමිනම අසභ්‍ය වචනයෙන් බන වදිමින් පුද්ගලයකුට පහර දීමට උත්සාහ දරන අකාරය දකින්නට ලැබෙනවා.

සිද්ධිය සමථයකට පත් කිරීම සඳහා පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ සිටින අවස්ථාවේ පවා එම හිමි නම සිය කලහකාරී බව දිගටම පවත්වාගෙන යන අකාරයද දකින්නට ලැබෙනවා.

බෞද්ධ හිමිවරුන්ගේ මෙවැනි නොමනා හැසිරීම් සම්බන්ධව වීඩියෝපට මීට පෙරද සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අකාරය දකින්න ලැබුණු අතර, දිගින් දිගටම සිදුවන මෙවන් සිදුවීම් හරහා ආර්ය මහා සංඝරත්නය සහ බුදු දහම විනාශ මුඛයට ඇදී යාම සිදුවන අතර මෙවැනි සිදුවීම් නවතන්නට මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළුව බුද්ධ සාසන අමාත්‍යංශය කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු බවයි බොහෝ දෙනාගේ මතය වන්නේ.

එම සිදුවීමේ වීඩියෝව පහතින්.

Share:

1 Comment

  • Avatar

    akash, 2021-03-31 @ 12:29 PM Reply

    What is the reason for that?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *