සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට විරෝධය පාමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ආසන්නයේ එදිරිසිංහ මාවතේ අධිබලති විදුලි කණුවකට අද (3) දහවල් නැගී පුද්ගලයෙකු විදුලිසැර වැදී මියගොස් ඇතැයි මිරිහාන මුලස්ථාන පොලිසිය සඳහන් කරයි .
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මිරිහාන එදිරිසිංහ පාර පලවන පටුමග පදිංචිව සිටි නානයක්කාර බෝපෙ රුවන් වීරතුංග නමැති පනස් තුන් හැවිරිදි දෙදරු පියෙකි.
මියගිය පුද්ගලයා මහරගම, නුගේගොඩ මාර්ගයේ එදිරිසිංහ මාවතට පිවිසෙන ස්ථානයේ තිබෙන ට්‍රාන්ස්ෆෝමරයක් සහිත අධිබල විදුලි කණුවකට නැග සුළු මොහොතක දී මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.
එම අනතුර ඔහුගේ පුතෙකු සියසින් දැක ඇති බව ද පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත.





