Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

9 වන පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය අද (03) උදෑසන 10.30 ආරම්භ වූ අතර 9 වන පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය විවෘත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන 9.50ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණියේය.

කථානායකවරයා විසින් ජනාධිපතිවරයා ව පිළිගනු ලැබූ අතර, ජාතික ධජය එසවීමෙන් පසු ජයමංගල ගාථා ගායනා කර ආශිර්වාද කිරීම ද එහිදී සිදුකෙරුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනපති ප්‍රකාශයේ විශේෂ කරුණු කිහිපයක්,

  • සමාජ සාධාරණත්ව කොමිසමක් පත්කිරීමට පියවර…
  • පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක්…
  • ඉදිරි වසර 25 සඳහා ආර්ථික ප්‍රතිපත්තියක්…
  • 2048 වනවිට පූර්ණ සංවර්ධිත රටක් බවට පත්කිරීම සැලසුම්…
  • මිත්‍රශීලී විදෙස් ප්‍රතිපත්තියක්…
  • රාජ්‍ය යාන්ත්‍රනය සම්බන්ධයෙන් ජනතාවගේ අපේක්ෂා බිඳවැටිලා…
  • ප්‍රචණ්ඩත්වයට සහ ත්‍රස්තවාදයට ඉඩදෙන්නේ නෑ..
  • සාමකාමී අරගලකරුවන්ව ආරක්ෂා කරනවා..
  • ඉන්ධන පෝලීම් වල ගැටලු ඇතිකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරේ…
  • ඉදිරි මැතිවරණය තරුණ තරුණියන්ගේ අවස්ථාව විය යුතුයි…
  • ජනපතිට විශේෂත්වයක් අවශ්‍ය නෑ…
  • 22 ගැන පොදු එකඟතාවයක් අවශ්‍යයි…
  • අර්බුදය විසඳාගත හැක්කේ සමගියෙන් පමණයි…
  • අල්ලස හා දුෂණය මැඩලීමට ජාතික ප්‍රතිපත්තියක් ඇති කරනවා…
  • දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කරනවා…
  • ඉන්දියාවටත් ස්තූතිය…
  • ණය ස්ථාවර කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කරනවා…
  • අපනයනය ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා…
  • බලපත්‍ර ඉඩම්ලාභීන්ට සින්නක්කර ඔප්පු….
  • දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන තීරණ ගැනීමට ජන සභාවක් ….
  • සෑම රටක් සමගම මිත්‍රශීලි විදෙස් ප්‍රතිපත්තියක්…
  • සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කරනවා…
  • සාමකාමී අරගලකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ කාර්යාංශයක්…
  • සමාජ සාධාරණත්ව කොමිසමක් ස්ථාපනයට පියවර..
  • පාඩු ලබන ව්‍යාපාර සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක්…
  • ඉදිරි වසර 25 සඳහා ජාතික ආර්ථික වැඩපිළිවෙලක් නිර්මාණය කරනවා…

Leave a Reply

Your email address will not be published.