Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රාජගිරිය ගුවන් පාලම ආසන්නයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය වැලිකඩ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රාජගිරිය ගුවන්පාලම අසල සිදුවූ රිය අනතුරකට අදාළවයි.

අද පස්වරු 5.30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ උමාරියා සිංහවංශ පැදවූ මෝටර් රථය සහ තවත් ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන්.

අනතුරින් තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියදුරා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.

වැලිකඩ පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *